World

යුක්‍රේනයේ කියෙව් අගනුවර පිපිරීම්

යුක්‍රේනයේ කියෙව් අගනුවර මධ්‍යයේ පිපිරීම් සිදුව ඇති අතර හදිසි සේවා එම ප්‍රදේශයට පිටත් කර යවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මධ්‍යම ෂෙව්චෙන්කිව්ස්කි දිස්ත්‍රික්කයේ පිපිරීම් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කියෙව් ආණ්ඩුකාර ඔලෙක්සි කුලේබා සදහන් කර ඇත්තේ, ගුවන් ආරක්ෂක පද්ධති මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බවයි.

රුසියාව ඔක්තෝබර් මාසයේ සිට යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම් වෙත මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාර දිගින් දිගටම එල්ලකරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

රුසියන් කුලී හේවායන්ට උතුරු කොරියාවෙන් අවි දුන් චෝදනා ප්‍රතික්ෂේප කරයි

Admin

හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටෙයි

Admin

පාකිස්ථානයේ කිතුණු පල්ලියකට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

Facebook සමාව අයැදි

colombotoday

පෙම්වතිය මරා කොටස් 35කට කපා ශීතකරණයක දමලා – මාස 6කට පසු සුලමුල හෙළිවෙයි

Admin

පුටින් ඇමෙරිකාව චීනය අව්ලුවයි… චීනයට අනතුරු ඇඟවීමක් !

colombotoday