Colombo Today Local News

හිටපු උපකුලපති අතුල සේනාරත්නට පහරදුන් සිසුහු 6ක් අත්අඩංගුවට

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිවසටද අලාභානි කළ බවට චෝදනා ලත් සිසුන් හය දෙනෙකු පේරාදෙණිය පොලිසියට ඊයේ (12) රාත්‍රියේ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිසුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව, මාතලේ, සඳලංකාව, හේනේගමුව, ගිරිඋල්ල, ප්‍රදේශවල පදිංචි සැකකරුවන් ය.

එම සිද්ධියට සම්බන්ධ සිසුන් දොළොස් දෙනෙකු මහාචාර්යවරයාගේ නිවසේ සවිකොට තිබූ ආවේක්ෂණ කැමරාවලින් හඳුනාගෙන ඇති අතර ඒ අනුව තවත් සිසුන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

Related posts

අකිලට වැඩ බලන්න දී අගමැති රට යයි.. සජිත්, රවී ඉවතට විසි වෙයි !!

colombotoday

මළවුන් වඳින සාලිට අපි බය නෑ. රජයෙන් අවසර දුන්නා, අපි ලොක්කව ලංකාවට ගේනවා – තව්හීද් ජමාත්

colombotoday

නීතිවිරෝධී සංක්‍රමණිකයෝ 35ක් පානදුර මුහුදෙදී අත්අඩංගුවට

colombotoday

අන්තවාදීන් බිහිකරන මද්‍රසා නීතිගත කරන්න එපා. ඉස්ලාම් අධ්‍යාපන ක්‍රමයට බොදු බලෙන් යෝජනාවලියක්

colombotoday

“ඇඹිලිපිටිය ASP ප්‍රසන්නව බිමට තල්ලු කළේ මගේ දෑස් ඉදිරිපිටදීමයි” – මියගිය ප්‍රසන්නගේ බිරිද හැඬූ කඳුළින් කියන කතාව

colombotoday

සාමාන්‍ය බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

colombotoday