World

ලොව ප්‍රබලතම තාක්ෂණ සමාගම් සියල්ලම ඉන්දියානුවන්ගේ අණසකට

ලොව ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පරාග් අගර්වාල් පත්කරන බව එම සමාගම පසුගියදා තීරණය කළේය.

ට්විටර් සමාගමේ සම නිර්මාතෘ ජැක් ඩෝර්සි ඉවත්වීම හේතුවෙන් ඇතිවන පුරප්පාඩුව සඳහා පරාග් අගර්වාල් ව පත්කර තිබේ.

37 හැවිරිදි අග්‍රවාල් ගේ පත්වීම ඔහුගේ උපන් රටවන ඉන්දියාව ට සුවිශේෂය.

ඒ මේ වනවිට ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගම් සියල්ලේම පාහේ ඉහළම පුටුවේ සිටින්නේ ඉන්දියානුවන් බැවිණි.

Twitter- Parag Agarwal
Google – Sundar Pichai
Microsoft – Satya Nadella
IBM – Arvind Krishna
Adobe- Shantanu Narayen
VMWare – Raghu Raghuram

අගර්වාල් 2011 වසරේදී ට්විටර් සමගම සමග එක්වී තිබුණි. අනතුරුව දැඩි කැපවීමෙන් සේවය කර සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා ලෙස පත්වීමට ඔහු සමත් විය.

මේ වනවිට ට්විටර් ජාලය සතුව ග්‍රාහකයින් මිලියන 30ක් පමණ සිටින අතර එය තවත් වර්ධනය වෙමින් තිබේ.

ඉන්දීය තාක්ෂණික ආයතනයේ උපාධිධාරියෙක් වන අගර්වාල් ට පරිඝනක විද්‍යාව සඳහා ආචාර්ය උපාධියක් තිබේ. ඒ, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙනි.

ට්විටර් සමාගම හා එක්වීමට පෙර ඔහු මයික්‍රොසොෆ්ට්, යාහූ, සහ අමෙරිකානු විදුලිසංදේශ සමාගමක් වන AT&T සමාගමේ සේවය කර තිබේ.

Related posts

ඉරාක පාර්ලිමේන්තුව විරෝධතාකරුවෝ අත් පත් කර ගනී

colombotoday

“ද එනිග්මා” වෙන්දේසියට

colombotoday

අපට තවත් තර්ජණය කළොත් ඇමරිකාවට පිළිතුරු දෙන්නේ න්‍යෂ්ඨික අවි වලින් – උතුරු කොරියාව අණතුරු අගවයි

colombotoday

ඉදිරි මාස හතරේදී කොරෝනා වසංගතයෙන් ඇමෙරිකාවේ 81,000 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කියයි

colombotoday

පකිස්තානය ඉන්දීය චිත්‍රපට තහනම් කරයි

colombotoday

දරුවන්ගේ හැසිරීම නරකනම් දෙමාපියන්ටත් දඬුවම්. – නව නීති සම්පාදනය කෙරේ.

colombotoday