Colombo Today Local News

සීනි බද්ද අඩු කිරීමෙන් රජයට පාඩුවක් වී නැහැ – මුදල් අමාතයංශ ලේකම්

සීනි ආනයනය කිරීමේදී අයකරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩුකිරීම හේතුවෙන් රජයට පාඩුවක් සිදු වී නැතැයි මුදල් අමාතයංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි.

රජයේ මූල්‍ය ප්‍රතිපත්තියට අනුව විවිධ අවස්ථාවල බදු අඩුවැඩි කරන බව සීනි බද්ද ශත 25 දක්වා අඩුකිරීමෙන් රජයට කිසිදු පාඩුවක් සිදුව නැතැයි ද රුපියල් බිලියන 15.9 පාඩුවක් වූ බවට කරන ප්‍රකාශ මුදල් අමාත්‍යංශය පිළි නොගන්නා බව ද ඔහු පැවැසීය.

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල අඩුකිරීමට සහ පාරිභෝගිකයිනට සහනයක් ලබාදීමේ අරමුණින් සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝවකට රුපියල් 50 සිට ශත 25 දක්වා අඩුකිරීම නිසා පාඩුවක් සිදු වූ බවට නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද ආටිගල මහතා පවසයි.

Related posts

ලොරි රථයක ගැටී රුසියානු කාන්තාවක් මරුට

colombotoday

පසුගිය කාර්තු 3දී පමණක් HIV අසාදිතයන් 429ක් හදුනා ගනී

Admin

මත්පැන් සාදයකදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කරයි

Admin

ව්‍යවස්ථා කමිටු අතුරු වාර්ථාවෙන් “බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කරලා” – සිංහල බෞද්ධයා නොමග යවන ආණ්ඩුවේ කූට වෑයම මහා සංඝරත්නය හෙළා දකී

colombotoday

වාහන මිළදී ගන්නන්ට සුබ ආරංචියක් ! රවී බිම දැමූ ලීසිං අගය ආයෙත් නග්ගයි

colombotoday

අට වෙනිදා පාර්ලිමේන්තුවේ පෙරළියක්…

colombotoday