Colombo Today Local News

මේ රජයට ජාත්‍යන්තර සබඳතා ගැන වියත් දැනුමක් නැහැ

මෙරට පැවැත්වෙන බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා මියන්මාර රජයේ විදේශ අමාත්‍යවරයාට ආරාධනා කිරීම ගැටලු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එමඟින් තහවුරු වන්නේ වත්මන් මියන්මාර් පාලනය ශ්‍රී ලංකා රජය පිළිගෙන ඇති බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේය.

“ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් මිලිටරිකරණයක් හරහා මියන්මාරයේ ඊනියා ආණ්ඩුවක් අව නීතියෙන් බිහිවුණ ආණ්ඩුවක් අද නිර්මාණය වෙලා තියෙනවා. වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා මියන්මාරයේ සිදුවුණ මිලිටරිකරණ ඒකාධිපති වියරුව නොසලකා මිලිටරි ඊනියා ආණ්ඩුවකින් බිහිකරපු විදේශ අමාත්‍යවරයාට ලිපියකින් ආරාධනා කරනවා බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වෙන්න කියලා. මේක ජාත්‍යන්තර සබඳතා තුළ සිදුවෙන දෙයක් මම හිතන්නේ මේ රජයට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ වැඩි දැනුමක් නොමැති තත්ත්වයක් තුළ මේ බරපතළ වරද ක්‍රියාත්මක කරලා තියෙන්නේ. “

කෙසේවෙතත් අදාළ ආරාධනය සිදුකිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබුණි.

බිම්ස්ටෙක් සමුළුවට සමාගීව පැවැත්වෙන 17 වෙනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීම ලබන අප්‍රේල් මස 01 වන දින කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා සියලුම සාමාජික රටවලට ආරාධනා කිරීම සිදුකරන බැවින් මියන්මාර රජයටද එම ආරාධනය සිදුකර ඇති බව එහි දැක්වේ.

එමඟින් වත්මන් මියන්මාර පාලනය පිළිගැනීමක් සිදු නොවන අතර බිම්ස්ටෙක් සමුළුව පිළිබඳ ලේඛනවල කටයුතු අවසන් කිරීමේ අරමුණෙන් සාකාච්ඡාවලට සහභාගී වීම සඳහා සියලුම සාමාජික රටවලට සිදුකෙරෙන ආරාධනයක් පමණක් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනය මඟින් සඳහන් කර තිබේ.

Related posts

අත්අඩංගුවේ ඉන්න මධුෂ්ට ඩුබායි හෝටලයෙන් මසකට ලක්ෂ 30ක්

colombotoday

මහනුවර ගස් දෙකක් කඩා වැටී වාහන 8කට බරපතල හානි

Admin

ගෑස් අනතුරකින් කාන්තාවක් මරුට

colombotoday

ලක්ෂ 20ක් වූ සහෝදර හින්දු ජනතාව වෙනුවෙන් ‘හින්දු සම්මේලනය‘ ජනපතිගෙන් කරන ආයාචනය…

colombotoday

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි” ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

colombotoday

වසර හතක් සැඟවූ අපරාධයක් වෙනුවෙන් වෛද්‍ය තුෂ් යුක්තිය ඉල්ලයි

Charith Sankalpana