Colombo Today Local News

ඊයේ රෑ බොදු බලේ දිලන්තගේ නිවසට නාදුනන පුද්ගලයන් – ජිවිත හානි කිරීමට පැමිණියාදැයි සැකයක්

dilanthe_Withanage

බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතාගේ සියබලපේ පිහිටි නිවසට හදුනා නොගත් පුත්ගලයන් දෙදෙනෙකු ඇතුල්වීමට උත්සහ ගෙන තිබෙනවා. ඊයේ (31) රාත්‍රී 11.30 ට පමණ අසල්වාසී නිවසක පුද්ගලයකු යම්කිසි කටයුත්තක් සදහා නිවසින් පිටතට පැමිණ ඇති අතර එහිදී පුද්ගලයන් දෙදෙනෙක් දිලන්ත විතානගේ මහතාගේ නිවසේ තාප්පයෙන් පැන ඇතුල්වනු දැක තිබෙනවා. අනතුරුව ඔහු දුරකත මගින් අසල්වැසි නිවෙස් දැනුවත්කර ඇති අතර අසල්වාසී නිවෙස්වල විදුලි පහන් දැල්වෙනු දැක මෙම පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයෙන් පැන දිවගොස් තිබෙනවා. පසුව අසල්වාසීන් නිවසට පැමිණ දිලන්ත විතානගේ මහතාව දැනුවත්කර ඇති අතර සොරකම් කිරීමේ අරමුණෙන් එම වෙලාවේදී සොරුන් නොපැමිණෙන බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.

මේ පිලිබදව අදහස් දැක්වූ දිලන්ත විතානගේ මහතා සදහන් කලේ තමාට පෞද්ගලිකව කිසිදු හතුරෙකු නොමැති බවත් බොදු බල සේනා සංවිධානයේ ජාතික වැඩපිළිවෙලට සක්‍රියව ලබාදෙන දායකත්වය හේතුවෙන් සමහර දේශපාලනික කණ්ඩායම් වෛරයකින් පසුවීමට ඉඩ ඇති බවත්ය. කෙසේ වෙතත් තමාගේ ජිවිතයට හෝ දෙපලකට හානියක් කිරීමේ අරමුණෙන් මෙම පුද්ගලයන් නිවසට ඇතුල් වීමට උත්සහ ගන්නට ඇති බවට සැක කරන බවත් ඔහු සදහන් කළා. මේ පිලිබදව අද සන්ධ්‍යාවේදී පොලිසිය වෙත පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර සිටියා.

Related posts

හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු 6ක් යළි රිමාන්ඩ්

Admin

ඇල්පිටිය මැතිවරණය ඇරඹෙයි

colombotoday

“මගේ කාලයේ අපරාධකාරයෙකුට වත් තුවක්කු පත්තු වුණේ නැහැ”

colombotoday

පළාත් තුනක මහා නගර සංවර්ධනය ෆොන්සේකාට බාරයි.. 25 ඇමතිකමේ දිවුරයි

colombotoday

දිස්ත්‍රික්ක තුනක්ට නායයෑමේ අවදානමක්

colombotoday

පරෙවි දූපතට පිවිසීමට නව පාලමක් ඉදිකරන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday