Colombo Today Local News

“ජනපති දැන් මොනව කීවත් වැඩක් නෑ… හයිබ්‍රිඩ් යුධ අධිකරණට ආණ්ඩුව ඇමරිකාවට එකග වෙලා ඉවරයි“

jvp 125

ජිනීවා යෝජනාව අනුව ශ්‍රී ලංකාවේ සිදු වූවා යැයි කියන යුධ අපරාධ පිළිබද පරීක්ෂණ කිරීම සදහා දෙමුහුණු යුධ අධිකරණයක් නොපිහිටුවන බවට ජනාධිපතිවරයා කරන ප්‍රකාශ වලංගු නොමැති බවත් ආණ්ඩුව ඒ සදහා දැනටමත් ඇමරිකාව සහ ජාත්‍යන්තරය සමග එකග වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ජිනීවා යෝජනාව අනුව ජාත්‍යන්තර උපදෙස් මත පිහිටුවීමට නියමිත දෙමුහුන් යුද අධිකරණය ගැන අල් ජසීරා රෑපවාහිනිය සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැක්වූ අදහස් සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විජිත හේරත් මන්ත්‍රීවරයා මේ බව පවසා තිබිණි.

“ඒ යෝජනාවට ආණ්‌ඩුව එකඟ වීම පුදුමයක්‌. ඒ යෝජනාව හදද්දීම තමයි ජනාධිපතිවරයාට තිබුණේ මේක සුදුසු නැහැ කියලා ඉවත් කරන්න. මේ යෝජනාව හැදුවේ ඇමරිකාව. ලංකාව ඒකට එකඟ වුණා. ලංකා ආණ්‌ඩුවට තිබුණා මේ යෝජනාව ඉවත් කරගන්න. නමුත් ආණ්‌ඩුව එයට මැදිහත් නොවී ඇමරිකානු යෝජනාවට සම්පූර්ණයෙන්ම එකඟත්වය පළ කළා. සමහර රටවල් අපි දන්නා විධියට ලංකාව මේකට එකඟ වීම ගැන මවිතය පළ කළා. ජනාධිපතිවරයා දැන් මේකට විරුද්ධ වුණාට වැඩක්‌ නැහැ. යෝජනාව ඉදිරිපත් කිරීමට කලින් තම බලය පාවිච්චි කරල ජනාධිපතිවරයාට මේකට මැදිහත් වෙන්න තිබුණා. දැන් මේ කතාව කීම අශ්වයා පැනල ගියාට පස්‌සේ ඉස්‌තාලය වහනවා වගේ වැඩක්‌. මේකෙන් වෙන්නෙ තවත් අර්බුදයට පාර කැපීමක්‌. මේ ගැන හරි සෘජු ස්‌ථාවරයක සිටියා නම් ඔය තත්ත්වය ඇති වෙන්නේ නැහැ.

අපි දිගටම කිව්වා මේ ප්‍රශ්නයට ජාත්‍යන්තර මැදිහත් වීමක්‌ ඕන නෑ. මෙය අභ්‍යන්තරයෙන්ම විසඳගන්න ඕන එකක්‌. දේශීය යාන්ත්‍රණයක්‌ තුළ අසාධාරණයට ලක්‌ වෙච්ච අයට යම් මැදිහත් වීමක්‌ සාධාරණයක්‌ ඉටු කරන්න ඕන. එයට අපේ රටේ තියෙන නීතිය හා මානව සම්පත් ප්‍රමාණවත්. එහෙම නැතිව විදේශීය රාජ්‍යයන්ට මේකට ඇඟිලි ගසන්නට ඉඩ දීම බරපතළ වරදක්‌. දැන් මේ වැනි දේවල් අලුතෙන් මතු කිරීමෙන් කලින් තිබුණටත් වඩා අලුත් අර්බුදකාරී තත්ත්වයක්‌ මතු වෙනවා. මේකෙන් පෙන්නුම් කරන්නෙ රාජ්‍ය පාලනයේ දුර්වලකම.“

Related posts

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යානුකුලව භුක්ති විඳීම වළක්වාලමින් හදිසි නීතිය අවභාවිතා කිරීම හෙළා දකිනවා

colombotoday

බුදුන් වහන්සේට අපහාස කළ ‘තව්හිද් ජමාත්‘ හිටපු ජනපතිට කුරාණයක් තෑගි දෙයි !

colombotoday

‘පැයක දෙකක වැඩවර්ජනයකින් ආණ්ඩුව දණගස්වන්න පුළුවන්… ‘ – විදුලිබල වෘත්තීය සමිති වැඩවර්ජනයකට සැරසේ

colombotoday

ගෝල්ෆේස් උද්ඝෝෂණය පවත්වාගෙන යාම ජවිපෙ දිස්ත්‍රික්කවලට බෙදා දෙයි.

colombotoday

එළුග තමිල් – 2 ඇරඹේ.. මහ පිරිසක් සමග විග්නේෂ්වරන් වීදි බසී (Photo)

colombotoday

ලලිත් වීරතුංගට, අනූෂ පැල්පිට ඇපමත මුදාහරී !

colombotoday