Colombo Today Local News

අධිකරණ නියෝගය ලබාදී දින 2යි. ඇඹිලිපිටියේ පොලිස් සැකකරුවෝ තවමත් අත්අඩංගුවට අරන් නෑ

ambilipitiya poloice

අධිකරණ නියෝගයක් ලබාදී තිබියදීත් ඇඹිලිපිටිය සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේ සාකච්ඡාවක් පවත්වන බව පොලිස් කොමිසම පවසයි.

ඇඹිලිපිටිය නගරයේ පොලිසිය සමග ඇති වූ ගැටුමකදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව අද දිනයේ ලැබීමට නියමිත බව එම කොමිසම සඳහන් කළේය.

අදාළ කමිටුව පාර්ශව රැසකින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අදාළ ප්‍රකාශ පිළිබඳව විමර්ශන අද දිනයේ සිදු කරන බව පොලිස් කොමිසම කියා සිටියි.

එම ප්‍රකාශ ද සැලකිල්ලට ගනිමින් මේ පිළිඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බව පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය අධිකරණය පසුගියදා තීන්දුවක් ද ලබා දෙන ලදී.

තීන්දුව ලබා දී පැය 48 කට වැඩි කාලයක් ගතවී ඇතත් මේ දක්වා කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නැත.

Related posts

පෝර්ට් සිටී, ගොඩකල බිමේ ගොඩනැගිලි හැදීම ඇරඹෙයි !! (Photo)

colombotoday

විනිසුරු තිළිණ ගමගේ මොරටුවට දිසා අධිකරණයට මාරු කරයි

Admin

ප්‍රංශ යුද නැවක් කොළඹට සේන්දු වෙයි

Admin

ආසියානු රදගුරු සමුළුව කොළඹදී.. වියදමට රජයෙන් මිලියන 10 ක්

colombotoday

ජනපති තීන්දුවට ගරු කරාවි කියලා විශ්වාස කරනවා – රනිල්

colombotoday

ලොව හොඳම වනජීවී ඡායාරූප ශිල්පීන් අතරට ශ්‍රී ලාංකයින් දෙදෙනෙක්

colombotoday