Colombo Today Local News

මනුෂ්‍ය ඝාතන 12ක් සිදුකර නිදැල්ලේ සිටි ‘තංගල්ලේ සුද්දා’ අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් මීගමුවේ සිදුකළ වැටලිමකදී ඝාතන සිද්ධි රැසකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ලොකුගේ ලසන්ත ප්‍රදීපන් ඇලියස් නොහොත් ‘තංගල්ලේ සුද්දා’ සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය වසරේ මිරිස්ස ප්‍රදේශයේ දී අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් සන්ෂයින් සුද්දා ඝාතනය කිරීමේ සිද්ධිය ඇතුළු චෝදනා රැසක් සැකකරුට එරෙහිව එල්ලවී ඇත.

තංගල්ලේ සුද්දා සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට නවාතැන් සැපයු සම්පත් රණසිංහ නම් 41 හැවිරිදි පුද්ගලයාය.

තංගල්ලේ සුද්දා නැමැත්තාට එල්ල වී ඇති චෝදනා පහතින් දැක්වේ.

*2006 වසරේ මාතර දෙවිනුවර කපුගොඩ පාරේ මුහුදු වෙරළේ දී පිහියකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කිරීම.

*2007 වර්ෂයේ මාතර පොල්හේන ප්‍රදේශයේ දී පිහියකින් ඇන චුටි නැමති පුද්ගලයා ඝාතනය කිරීම.

*2007 වර්ෂයේ දී මාතර බස් නැවතුම්පොළේ දී රවිඳු නැමති අය ෂොට්ගන් අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම.

*2007 වසරේ හොරණ ප්‍රදේශයේ දී බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් බූරු රංජි නැමති පුද්ගලයා ඝාතනය කිරීම.‍ෙ

*2008 වසරේ දී අධිකරණ භූමියෙන් පළාගොස් අධිකරණයේ ආරක්ෂාවට සිටි ග්‍රාම ආරක්ෂක නිලධාරියෙකු ටී – 56 ගිනිඅවියක් පැහැරගෙන ගෙනාස් විතාරන්දෙණිය පස්මං හන්දියේ අවමංගල්‍ය උත්සවයක දී මියගිය තැනැත්තාගේ දේහයට වෙඩි තබා ඇති අතර අසල සිටි පුද්ගලයින් 6 දෙනෙකු ඝාතනය කිරීම.

*2011 වසරේ දී පානදුර වාද්දූව ප්‍රදේශයේ දී ටී – 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා සංඛ නැමති පුද්ගලයෙක් ඝාතනය කිරීම.

*2011 වර්ෂයේ කතරගම ප්‍රදේශයේ දී දොදොල් ලෑල්ලක් මත පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීම.

*2020 මැයි මස 30 වන දින මාතර මිරිස්ස ධීවර වරාය ඉදිරිපිට දී අමිල ප්‍රසන්න හෙට්ටි හේවා නොහොත් සන්ෂයින් සුද්දා නැමති අය වෙඩි තබා ඝාතනයට තැත් කිරීම.

2015 වසරේ දී පන්නල ප්‍රදේශයේ දී මි.මී 919 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනිඅවි 2ක් සමග හා 2020 වසරේ මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ දී දුමින්ද නැමැති අයෙකුට අයත් අවන්හලක් තුළ දී ගැටුමක් ඇති කර ගනිමින් පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමට තැත්කිරීමේ දී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබා ගැනීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇති බව ද හෙළි වී තිබේ.

Related posts

“ඒකාබද්ධ විපක්ෂය” නීති විරෝධී නමක්.. ඒ ගැන ලීවොත්, කීවොත් මාධ්‍යවේදීන් නීතිය හමුවට – ජනමාධ්‍ය ලේකම්

colombotoday

“රණවිරුවන් බේරාගත් රට පැවති රජයේ වැරදි නිසා නැවතත් දෙකඩ වෙමින් පවතිනවා” – සජිත්

colombotoday

ඇල්පිටිය ප්‍රා.සභා අය වැය වැඩි ඡන්ද 09කින් පරදියි

Admin

එකම නිවසේ දෙන්නා දෙ නෑනෝ ඝාතනය කරලා

Admin

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම ඉවතට.. උදයංග ගැන එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ තීරණය මෙන්න

colombotoday

පළාත් පාලන ආයතන වල මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට සාකච්ඡා..

colombotoday