Colombo Today Local News

කුලී වාහන ව්‍යාජ ලිපිලේඛන සකසා විකුණු ජාවාරමක සුලමුල හෙළිවෙයි.

කුලී පදනම මත වාහන ලබාගෙන ව්‍යාජ ලියකියවිලි සකස් කර අලෙවි කිරීම සිදුකළ ස්ථානයක් පොලීසිය විසින් වටලා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මුල්ලේරියාවේ පිහිටි එම ස්ථානය වටලා වාහන 17ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මුල්ලේරියාව පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට පත්ව ඇත්තේ, යක්කල සහ මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

එම පුද්ගලයින් විසින් ව්‍යාජ හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර සහ විදුලි බිල්පත් වාහන කුලියට දෙන ආයතන වෙත ඉදිරිපත් කර වාහන කුලියට ගෙන ඒවායේ එන්ජින් අංක වෙනස් කර හෝ කැබලි කර විකුණන බව පොලීසිය විසින් ආනාවරණය කර ගෙන තිබේ.

එම ජාවාරමට සම්බන්ධය තවත් අයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා විසින් එම සැකකරුවන් දෙදෙනාට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර දී ඇති බව ද හෙළි වී ඇත.

වැඩිදුර විමර්ශන මුල්ලේරියාව පොලීසිය සිදුකරයි.

Related posts

දෝස්තර ෂාෆි නිදොස්කොට නිදහස්වී, අහිංසක මව්වරුන් හිරේ යන ලකුණු… ෂාෆිව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ගෙත් වැඩ තහනම් ?

colombotoday

කොලොම්බියාව අහසේත් රහස් බැලූනයක්

Admin

වසර 10ක් පවත්වාගෙන ගිය හොර වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලයි

Admin

සිවාජිලිංගම් අධිකරණයට ඉදිරිපත් වෙයි

Admin

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්න මුහුදේ පවතින ද්‍රව්‍යයන් 54 ක් හඳුනා ගනී

colombotoday

මහර ගැටුම – විද්වත් කමිටු වාර්තාව අධිකරණයට

colombotoday