Colombo Today Local News

ව්‍යාජ රන් අලෙවි කිරීමට තැත් කළ 6 දෙනෙකු අත්අඩංගුවේ.

රනින් සකසා ඇතැයි පවසා ව්‍යාජව සකස් කල (මරංචි) බෝල තොගයක් ගැණුම්කරුවන් රවටා අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයින් හය දෙනෙකු සමගින් එම ව්‍යාජ රන් සැකසීමට උපයෝගී කරගත් උපකරණ අද (12)දින අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

තමන් රුපියල් ලක්ෂ 15 ක මුදලක් ගෙවා ලබා ගත් රන් තොගයක් ව්‍යාජ රන් බව පවසමින් පුද්ගලයෙකු විසින් නවගමුව පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂණයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

මෙලෙස ව්‍යාජ රන් බෝල අලෙවි කිරීමේ නිරත වූ ජාවාරමේ ප‍්‍රධාන සැකකරු බදුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කෑගල්ල ප‍්‍රදේශයේ පදිංචි රන් භාණ්ඩ සැකසුම් බලපත‍්‍ර හිමි පුද්ගලයෙකු ගේද සහය ඇති දෙහිඅත්තකණ්ඩිය පොලොන්නරුව හා අතුරුගිරිය ප‍්‍රදේශවල පුද්ගලයින් කිහිපදෙනෙකුගේද සහය ඇතිව මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවත් එම සැකකරුවන් සියලු දෙනා පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිසිය පවසයි.

දෙහිඅත්තකණ්ඩිය මඩකළපුව පොතුවිල් ආදී ප‍්‍රදේශ රැසක පුද්ගලයින් වෙත මෙලෙස ව්‍යාජ රන් (මරංචි) විකිණීම සිදු කළ බව සැකකරුවන්ගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

සිරස ප්‍රධානි ආර්. රාජමහේන්ද්‍රන් මහතා ජීවන ගමනට සමු දෙයි.

colombotoday

මෙරට කෘෂිකර්ම හා වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනයට තායිලන්තයට ආරාධනා.

colombotoday

ඌරු මස් කෑම අවධානම්

Admin

අද සිට දුම්රිය ගමන්වාර 302ක්

colombotoday

අනුර ඕකේනම් වන්ෂොට් ගම්පහින් මැතිවරණයට

Admin

ශ්‍රී.ල.නි.ප.යේ නව මහ ලේකම් – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

colombotoday