Colombo Today Local NewsWorld

රැකියාවට හැකියාව නෑ.. ඉන්දියානු ඉංජිනේරු උපාධිධාරීන්ගෙන් 80%ක් රැකියාවකට සුදුසුකම් නැතිලු

ind 26855

ඉන්දියාවේ ඉංජිනේරු උපාධිධාරීන් සියයට 80ක්ම වෘත්තීය ඉංජිනේරුවරයෙක් ලෙස කටයුතු කිරීමට කිසිසෙත් සුදුසු නොවන බවට ඉන්දීය වාර්තාවක් මගින් හෙළිව තිබේ.

පසුගිය වසරේදී පමණක් එරට සරසවි, අධ්‍යාපන ආයතන 650ක් මගින් ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කළ පුද්ගලයන් 1,50,000ක් සිටියද ඔවුන්ගෙන් සියයට 80ක්ම රැකියාවන් කිරීමට කිසිසේත්ම නිසුදුසු අය බවට අදාල වාර්තාවෙන් හෙළිවී ඇත.

ඉන්දියාව තුළ මිලියන ගණනක් වෘත්තීය පුහුණු ආයතන, උසස් අධ්‍යාපන ආයතන පැවතියද රැකියාවකට සුදුසු තරමේ හැකියාවක් ඉන්දීය තරුණ පරපුර සතුව නොමැති බවද එම වාර්තා පෙන්වා දී තිබේ.

ඉන්දියාවේ අධ්‍යාපන සහ පුහුණුවීමේ පද්ධතියේ ඇති අඩුලුහුඩුකම් මෙම තත්ත්වයට හේතු වී තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර අත්සන් තැබීමට නියමි ඉන්දු – ලංකා වෙළද හා සේවා ගිවිසුමෙන් ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ රැකියා සදහා ඉඩකඩ විවෘත කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වන බව “ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානය” නිවේදනයක් නිකුත් කර තිබුණා.

ශ්‍රී ලංකාවට අතිශයින්ම හානිකර ඉන්දු – ලංකා ETCA ගිවිසුම

Related posts

පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම රෝගී තත්ත්වයක්

colombotoday

පොලිස්පතිගේ ස්කොට්ලන්ඩ්යාඩ් සංචාරය අත්හිටුවයි…

colombotoday

“මහින්ද එලවා මෛත්‍රී – රනිල් ගෙන ඒම ගැන ඉන්දීය රජය සතුටින්“ – ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

colombotoday

කළුතර සුසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

Admin

ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන් නම් සරසවි ගමන සිහිනයක්‌මයි !

colombotoday

[Video] සිරගත වූ ඥානසාර හිමිගේ විශේෂ ප්‍රකාශයක්

colombotoday