රට ජාතිය සාසනය විනාශකිරීම සදහා යහපාලන ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කරමින් සිදුකරන නොහික්මුණු ක්රියාකාරකම්වලට එරෙහිව සටන් කිරීම සදහා තාවකාලිකව උපැවිදි වීමට තමන් වහන්සේලා ඒකමතිකව තීරණය කර ඇති බව දන්වමින් ඒ සදහා මහනායක හිමියන්ගේ අවසරය ලබාගැනීම සදහා උන්වහන්සේලව මුණගැසීමට බලාපොරොත්තුවෙන් සිටින බව අත්අඩංගුවට ගැනීමට නියමවී සිටින භික්ෂුන් වහන්සේ නමක් අපවෙත සදහන් කර සිටියා.
තමන් වහන්සේ භාරකාරත්වය දරන විහාරස්තානවල වගකීම් ගෝල හිමිවරුන්ට පැවරීමට කටයුතු යෙදීන ලෙසද මහනායක හිමියන්ගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තුවන බවද උන්වහන්සේ සදහන් කර සිටියා.
previous post