Colombo Today Local News

ටෙලි නාට්‍ය නිළි ආක්‍ෂා සුදාරිට වරෙන්තු

නුගේගොඩ ගම්සභා හන්දියේ පිහිටි රූපලාවන්‍යාගාරයක්‌ තුළදී ටෙලි නාට්‍ය නිළි හංසි සිතාරා නමැත්තියට පහර දී ඇය සතු රුපියල් විසිදහසක්‌ පමණ වටිනා ජංගම දුරකථනයක්‌ සොරාගත් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින ජනප්‍රිය ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළි ආක්‍ෂා සුදාරි නමැත්තියට වරෙන්තු නිකුත් කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කණිෂ්ක විඡේරත්න මහතා පසුගියදා (25 වැනිදා) නියෝග කළේය.

එම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින දෙවැනි හා තෙවැනි සැකකාරියන්වන ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළි මේනකා මධුවන්ති හා මොහිදින් වහීදා යන දෙදෙනා එදින නඩුව කැඳවූ අවස්‌ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි නමුත් එම සිද්ධියේ පළමු සැකකාරිය වන ආක්‌ෂා සුදාරි අධිකරණය මඟහැර සිටීම නිසා ඇයට එසේ වරෙන්තු නිකුත් කෙරිණි.

ටෙලි නාට්‍ය නිළියක්‌ වන උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි හංසි සිතාරා නමැත්තිය 2013 ඔක්‌තෝබර් 10 වැනිදා මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ අනුව අත්අඩංගුවට ගත් ඉහත කී සැකකාරියන් තිදෙනා දැනට ඇප මත මුදා හැර තිබෙන අතර මෙම සිද්ධියේ තෙවැනි සැකකාරිය වන මොහිදීන් වහීදා පළමු සැකකාරිය වන ආක්‍ෂා සුදාරි නමැත්තියගේ මව වෙයි.

Related posts

හංවැල්ලලේදී පුද්ගලයෙකුට වෙඩි තබයි

colombotoday

93 ක නාම යෝජනා අදින් අවසන්.. ඉතිරි 248ට ලබන 18 සිට 21 දක්වා නම් කැදවයි..

colombotoday

තවත් මෙගා ඩීල් එළියට.. ඇමති කබීර් හෂීම්ගේ සභාපතිගේ නමත් පැනමා පත්‍රිකාවලින් එළියට එයි

colombotoday

මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්

colombotoday

කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව පහළ යයි

colombotoday

හම්බන්තොට දියුණු කරන විදිය රනිල් කියයි

Admin