Colombo Today Local News

බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට නිලධාරීන් කල යෝජනාව ඥානසාර හිමි ප්‍රතික්ෂේප කරයි

gnanasara_thero1

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ වනවිට කොළඹ වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටිති.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පැවසුවේ උන්වහන්සේ වෙනම ස්ථානයක රදවා ඇති බවයි.

බන්ධනාගාර නිලධාරීන්ගේ ඇස ගැටෙන වෙනත් රැදවියන් නොමැති විශේෂ ස්ථානයක් ඥාණසාර හිමියන්ට ලබාදුන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

බන්ධනාගාරගතව සිටින එල්.ටි.ටි.ඊ. සැකකරුවන් ගෙන් හා මුස්ලිම් අන්තවාදීන් වෙතින් උන්වහන්සේගේ ජිවිතයට අනතුරක් වීමට ඉඩ ඇතයි යන්න සැලකිල්ලට ගෙන ඇති බන්ධනාගාර නිලධාරීන්, උන්වහන්සේව බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට යෝජනා කර තිබුනද උන්වහන්සේ එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.

Related posts

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

Admin

ජනපතිගේ ඔත්තුකරුවන් වැඩ අරඹයි.. පොහොට්ටු පුම්බන්න යන මන්ත්‍රීන් අල්ලන්න විශේෂ මෙහෙයුමක් !

colombotoday

පොලීසිය හොර වැඩක: ඥාණසාර හිමිගේ නඩුවේ බී වාර්තාව වෙනස් කරයි!

colombotoday

LTTE ය තවදුරටත් සක්‍රීයයි… ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමරිකාව නම් කරයි…

colombotoday

ඉන්ධන බවුසර් 3ක බලපත්‍ර අත්හිටුවයි

colombotoday

අනවසර ගබ්සා පෙති 16.930 ක් කටුනායකදී අත්අඩංගුවට !

colombotoday