ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට සමගාමීව තම ඉන්ධන කෝටාව ද ඉහළ දමන්නැයි ධීවරයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
සලාක ක්‍රමයට ලැබෙන භූමිතෙල් ප්‍රමාණය කිසිසේත් තම රැකියාව කරගැනීමට ප්‍රමාණවත් නොවන බව ඔවුන් පෙන්වා දෙයි.
තංගල්ල, ඔරුවැල්ල ධීවර තොටුපොළ කේන්ද්‍ර කරගනිමින් ධීවර ඔරු සහ එක් දින යාත්‍රා 100 ක් පමණ ධීවර කටයුතුවල නිරත වේ.
මින් යැපෙන ධීවර පවුල් සංඛ්‍යාව 500 කට අධිකයි.
ඉන්ධන අර්බුදය මැද ධීවරයින් ගැටලු රැසකට මුහුණ පා සිටි.