Colombo Today Local News

“අළුත් පක්ෂයක් හදන්න මේ හොදම කාලයයි.. ඒ පක්ෂයේ නායකත්වය ගන්නැයි ඉල්ලීම් ලැබෙනවා”

gotabhaya r3

ජනතා සිතුම් පැතුම් අනුව මේ මොහොත අලුත් පක්ෂයක් සෑදීම සඳහා හොඳම අවස්ථාව බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

තමන් ඇතුළු පිරිස් කැපවීමෙන් කටයුතු කළ මිනිසුන් බැවින් අලුත් පක්ෂයක නායකත්වය ගන්නා ලෙස ඉල්ලීම් ලැබෙන බව හෙතෙම කියා සිටියි. ඊයේ (26) යෙදුණු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ 73 වන ජන්ම දින සැමරුම නිමිත්තෙන් පැවති දානමය පිංකමට සහභාගිවෙමින් අනතුරුව මාධ්‍ය‍ වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

දැනට විපක්ෂ නායක ධූරය දරන ආර්.සම්බන්ධන් මහතා ආණ්ඩුව පත්කිරීමට සහයෝගය දුන් අයෙකු බැවින් ඔහුගෙන් හෝ ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් විරුද්ධ පාර්ශවයේ මතය නියෝජනය නොවන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එම නිසා අලුත් දේශපාලන පක්ෂයක් ගොඩනැඟීමේ කාලීන අවශ්‍යතාව පවතින බවත්, පක්ෂය ගොඩනැඟීමෙන් අනතුරුව නායකත්වය තෝරාගත හැකි බවත් හෙ‍තෙම සඳහන් කළේය.

තමන් සිටියේ නැතිනම් තාමත් යුද්ධය පවතින බවත්, එසේ වූයේ නම් එෆ්.සී.අයි.ඩී වැනි ආයතනයන්ට මෙලෙස පැමිණීමට අවශ්‍යතාවක් නොවන බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.

Adaderana

Related posts

ඇති තරම් ආධාර දෙන්න ඇමරිකාව තීරණය කරලා.. එමගින් රටේ සංවර්ධනය වේගවත් කරනවා – සජිත්

colombotoday

බසයකට යට වී යතුරුපැදිකරුවෙකු මරුට

Admin

දින 113කට පසු සිසුන් සදහා පාසල් හෙට සිට විවෘතයි

colombotoday

පළමු ශ්‍රේණියේ පාසල් නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

colombotoday

මහනාහිමි තීරණය නොතැකේ.. ව්‍යවස්ථා මණ්ඩලයෙන් විමල් ගියාට ඒකාබද්ධය නොයයි !

colombotoday

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට අතුරු තහනම් නියෝගයක්

colombotoday