පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව පැමිණිල්ලක් අද හෝමාගම පොලිසියට ලැබී ඇති බවත් එහි විභාගය සදහා හෙට දින හෝමාගම පොලිසියට උදේ 10ට පැමිණෙන ලෙසත් දන්වමින් කිරුළපන පොලිසිය අද සවස පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට දන්වා යවා තිබෙනවා.
ශ්‍රී ලංකා පොලිසියේ කාර්යක්ෂම බව පුදුම සහගත ලෙස ඉහල ගොස් ඇතිබව බොදු බල සේනා නියෝජිතයකු අප සමග ප්‍රකාශ කර සිටියා. අද ලැබුණු පැමිණිල්ලක් හෙට විභාග කරනු මීටපෙර දැක නැති බවයි ඔහු සදහන් කලේ.