World

අයර්ලන්තයට සයිබර් ප්‍රහාරයක් – රජයේ වෙබ් අඩවි කිහිපයක් අක්‍රිය වේ

අයර්ලන්තයේ ප්‍රධාන වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් (DDoS cyberattack) එල්ලවී තිබෙනවා. අයර්ලන්ත පාර්ලිමේන්තු , අධිකරණ, රාජ්‍ය ආරක්‍ෂක, සෞඛ්‍ය සේවා, ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලය, අධිකරණ සේවා යන දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතනයන්හි වෙබ් අඩවි දිනකට ආසන්න කාලයක් මෙසේ අක්‍රිය වී තිබෙන අතර මෙම ආයතන මගින් සේවා ලබාගන්නා අයර්ලන්ත වැසියන් විශාල අපහසුතාවයකට පත්වූ බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරයට පසුව ජාතික ලොතරැයි වෙබ් අඩවියද ප්‍රහාරයකට ලක්වී ඇති අතර රට පුරා ඇති ලොතරැයි මැෂින් සියල්ලම අක්‍රිය වී තිබෙනවා.

මෙම ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවෙක් බාරගන නොමැත.

Related posts

ඇපල් සමාගමෙන් iPhone 14 එළියට

colombotoday

ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්

Admin

ගූගල් සමාගමෙන් රුසියාවට තහනමක්

colombotoday

බල්ලාගේ වෙඩි පහරින් දඩයක්කරුවෙක් මරුට

Admin

සුඩානයේ රාජ්‍ය රූපවාහිනිය සහ ගුවන් විදුලිය, කැරලිකරුවන්ගේ අතට…

Admin

ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගීන් ගණන ලක්ෂ 70 ඉක්මවයි

colombotoday