Colombo Today Local News

ධූරය රැකගන්න ඩයනා සජබෙට එරෙහිව අධිකරණයට

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂ සභාපති සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, මැතිවරණ කොමිසමේ සභාපති නිහාල් ජී පුංචිහේවා සහ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු එකොළොස් දෙනෙකු නම් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සම්මත කරන අවස්ථාවේ ඊට පක්ෂව ඡන්දය භාවිත කළ බවට චෝදනා කරමින් තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කර ඇති බව ඇය අදාළ පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

සිය මන්ත්‍රී ධුරය අහිමි කිරීමට පෙර සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට වගඋත්තරකරුවන් ක්‍රියා නොකළ බව චෝදනා කරන පෙත්සම්කාරිය මේ මඟින් ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කර ඇති බව පවසයි.

ඒ අනුව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය නීතිය ඉදිරියේ බලරහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

ජනපති සටනේ ආරම්භය..

colombotoday

රනිල්ට එරෙහි වූ වරදට ශ්‍රීලනිප දහසයකට එජාපයෙන් විශ්වාසභංග

colombotoday

කොවිඩ් පොකුරු මතුවුණොත් ඡන්දය කොටස් වශයෙන්

colombotoday

මධුෂ්ව ගෙන්වා ගන්න මාරපන ඩුබායි යයි…

colombotoday

රථවාහන වැරදි සදහා රු 25000 දඩය නැවත එයි…

colombotoday

ආබාධිත රණවිරුවන් දුක කියද්දී ආරක්ෂක ලේකම්ට මළ පනී.. පස්සෙ බලමු කියා යන්න යයි !

colombotoday