Colombo Today Local News

හෙරොයින් ජාවාරම් කළ බව කියන දෙමටගොඩ රුවන් තවදුරටත් රිමාන්ඩ්

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අද (05)දින නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ දෙමටගොඩ පදිංචි සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් නැමැත්තාය.

මෙම සැකකරු මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බවත් ඔහුගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇති බවත් පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ හම්සා අබේරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරුගේ බැංකු ගිණුම් සහ බැංකුවල ඇති සේප්පු සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද රජයේ නීතීඥවරයා අධිකරණයට සඳහන් කළේය.

Related posts

ගෝඨාභය රට හදනු ඇතැයි මට විශ්වාසයි. – සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ

colombotoday

ක්ලීන් ශ්‍රී ලංකා උත්සවයේදී නිරූපිකාවකට 15000 ගාණේ ගෙවලා

Admin

වයඹ පළාත් ගුරු සේවයේ සම්මුඛ පරීක්ෂණ : මුස්ලිම් ජාතිකයන්ට හිටපු ආණ්ඩුකාර මුසම්මිල් වැඩි අවස්ථාවක් දීලා

colombotoday

වසර එකහමාරක් තුළ ආර්ථිකය ශක්තිමත් කරන්න රනිල් රට භාරගන්න සූදානම්

colombotoday

සිංහල මහ ජාතියේ කැමැත්ත නැතිව කිසිවක් කරන්න බෑ – ජනපති

colombotoday

“ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගාල්ලෙන් ඉවත් කරනවා” – ඇමති වජිර අබේවර්ධන

colombotoday