Colombo Today Local News

සිනොෆාම් එන්නත දෙන්න දේශපාලන හිතවතුන්ට විතරක් රජමල්වත්තේ වෙනම ඇරුණු දොර

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත ලබාදීම අද (11)දින ස්ථාන රැසක සිදු කෙරෙයි.

ඒ කොවිඩ් ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් තෝරාගත් ස්ථානවල බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.

මේ අතර බත්තරමුල්ල රජමල්වත්ත ප්‍රදේශවාසීන්ට (492D ග්‍රාම සේවා වසමේ) කොවිඩ් එන්නත ලබාදීම මේවනවිට සිදුවන අතර ප්‍රාදේශීය දේශපාලන නායකයන් තම හිතවතුන්ට වෙනත් දොරකින් කැඳවා එන්නත ලබාදීම නිසා අර්බුධකාරී තත්ත්වයක් මතුව තිබේ.

විශාල පිරිසක් උදෑසන 7.30 සිට පෝලිම් ගැසී මාර්ගයේ රැඳී සිටින අතර දේශපාලන නායකයන් හිතවතුන්ට පමණක් පෝලිම මගහැර එන්නත ලබා ගැනීමේ අවස්ථාව සලසා තිබේ.

මේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ කඩුවෙල නගර සභා මන්ත්‍රීවරයෙක්ට ප්‍රදේශවාසියෙක් දැඩි විවේචන එල්ල කරන අයුරු දක්නට ලැබුණු බවයි වාර්තාවන්නේ.

එම ස්ථානයේ ඡායාරූප පහතින්

Related posts

අධික මිලකට බඩු විකුණුවොත් බලපත්‍රය වෙනත් වෙළෙඳසැළකට

colombotoday

නුවරඑළිය ඩන්සිනන් රක්ෂිතයේ අතරමංවූ දැරිය දින පහකට පසු හමුවෙයි

colombotoday

අධිවේගයෙන් වාර්තාගත ආදායමක්.. 16දා ආදායම මිලියන 17යි !

colombotoday

හම්බන්තොට වරායේ සිංහ කොඩි කණුව කපා දමයි.. චීන කොඩිය ඔසවයි (Video)

colombotoday

නිදහසට කාරණා වැඩක් නෑ… වෙන රටකනම් රොත්ත පිටින්ම ඉල්ලා අස්වෙනවා – ‍ෆොන්සේකා ආණ්ඩුවේ රෙදිපිළි ගලවා දමයි…

colombotoday

රුපියල යළි නැගිටියි !

colombotoday