Colombo Today Local News

වානේ කම්බි සමාගමක බැංකු ගිණුමකින් කල මිලියන 43ක මුදල් වංචාවට තවත් අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර වානේ කම්බි නිෂ්පාදන සමාගමකට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ 430ක මුදලක් වංචා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටිය් මීට පෙර එම වංචාව සම්බන්ධයෙන් සංවිධානාත්මක කණ්ඩායමක සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බවය.

අත්අඩංගුවට ගත් පිරිස අතර එම වානේ සමාගමේ ගිණුම් පවතින පෞද්ගලික බැංකුවේ නිලධාරියෙකු ද වන බව සඳහන් වේ.

මීට අමතරව විධායක නිලධාරියෙකු හා එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ සිට මීට මාසයකට පමණ මෙරටට පැමිණි පුද්ගලයෙකු ද සැකකරුවන් අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

පසුගිය අප්‍රේල් මස 12 වන දා එම වානේ සමාගමේ සේවකයින් ලෙස පෙනී සිටිමින් සැකකරුවන් ව්‍යාජ චෙක්පත් බැංකුවට ඉදිරිපත් කර අදාළ මුදල් ලබා ගෙන තිබුණි.

ඒ පිළිබඳ වැඩිදුරටත් විමර්ශනය කිරීමෙන් අනතුරුව චෙක්පත් මාරු කිරීමට අදාළ ආයතනයේ සේවකයෙක් ලෙස එම ආයතනයේ නිල ඇඳුමින් සැරසී ලංකාවේ ප්‍රමුඛ බැංකුවක් වෙත ගිය තවත් පුද්ගලයෙක් මෙලෙස ඊයේ (10) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු අද (11)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, චෙක්පත් මාරු කිරීමට පැමිණි තවත් පුද්ගලයින් තිදෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ ව්‍යාජ චෙක්පත් මුද්‍රණය කරමින් මෙවැනි වංචාවක් සිදුකළ පළමු අපරාධය මෙය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

සුපිරි ක්‍රිකට් තරුව පොහොට්ටුවෙන් දේශපාලනයට

colombotoday

දඹුල්ල පංසලේ වැවෙන් නාදුන මල සිරුරක් හමුවේ.

colombotoday

MCC ගිවිසුම මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාවට පටහැනියි – නීතිපති

colombotoday

සුහදශීලී රාජ්‍ය සේවයක් ලබා දෙන්න මාර්ගෝපදේශ මාලාවක්

Admin

ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ජිනීවා යෝජනාව ක්‍රියාත්මක නොකළොත් රට බෙදීයාම වැළැක්විය නොහැකියි – ලක්ෂමන් කිරිඇල්ල

colombotoday

පළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක්

Admin