Colombo Today Local News

නිරෝධායන නීති උල්ලංඝනය කළ 639ක් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 639 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ රථ වාහන 40ක් සිය භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.

පසුගිය වසරේ ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 69,288 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පිටරටින් සහල් ගෙන්වයි

Admin

පහරදීමකින් මාදම්පේ උණුසුම් වෙයි – අමතර පොලිස් බලඇණි කැදවයි

colombotoday

කටින් බතල විතරයි.. දකුණේ දාන ගෙම්බර් උතුරු නැගෙනහිර අන්තවාදීන්ට කෝ – ඥාණසාර හිමි පොලිස්පතිගෙන් අසයි

colombotoday

නෞකාව කළ හදියෙන් ජිවන මග කඩා වැටුන ධීවරයින්ට රජයෙන් රු. 5000ක්

colombotoday

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 23ක් – වෛද්‍යවරියන් තිදෙනෙක් ද ඒඅතර

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු සමීක්ෂණයක්

colombotoday