Colombo Today Local News

“උ/නැගෙනහිර ඒකාබද්ධ කර ස්වයංපාලනයක් අපට ඕනෑ” – විග්නේශ්වරන්

vigneshvaran

උතුර නැගෙනහිරට සම ස්‌වෛරීභාවය පදනම් වූ දේශපාලන විසඳුමක්‌ ලබාදිය හැකි නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය බව උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කර ඇත.

යාපනය මහජන පුස්‌තකාලයේ පැවැති ෆෙරල් ක්‍රමය පිළිබඳ සමුළුව අමතා ඔහු මේ බව පවසා තිබේ.

උතුර නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු බවත් ඒ සමඟම ස්‌වෛරීභාවයේ සම තත්ත්වය උතුර නැගෙනහිරට අවශ්‍ය බවත් හෙතෙම තවදුරටත් සඳහන් කර ඇත.

ස්‌විට්‌සර්ලන්තයේ ෆෙඩරල්වාදයට අදාළ ප්‍රිබුන් විශ්වවිද්‍යාලයේ විද්වතුන් පිරිසක්‌ හමුවේ ඔහු මේ බව පවසා තිබේ.

ද්‍රවිඩ ජනතාවට ස්‌වයංපාලනයට හිමිකමක්‌ ඇති බව පෙන්නුම් කළ විග්නේශ්වරන් දේශපාලන විසඳුමක්‌ ලබාදිය යුත්තේ එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ තුළ බවද ප්‍රකාශ කර ඇත.

මෙම ෆෙඩරල් ක්‍රමයට අදාළ ස්‌විස්‌ විද්වතුන් මෙරටට ගෙන්වා ඇත්තේ කොළඹ ස්‌විට්‌සර්ලන්ත තානාපති කාර්යාලයයි.

Related posts

රජයට ලැබුණු ආදායම් ගිය වසර තුනේදී පිල්ලි ගහලා

colombotoday

ගුවන්තොටුපළට ලැබුණු ඊමේල් ඔත්තුව විමර්ශයට

colombotoday

බැදුම්කර සම්පූර්ණ වාර්තාව භාෂා තුනෙන්ම නිකුත් කරන්නැයි ජනපති නියෝග කරයි…

colombotoday

පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

තත්වය දරුණ අතට… සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා ආසාදනය වෙලා !

colombotoday

සරසවි වරම් ලැබූ දරුවන්ට දැනුම්දීමක්

Admin