Colombo Today Local News

රාත්‍රියේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

අද (04) රාත්‍රියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ හෙට (05) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බවය.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද දැනුම්දෙයි.

සබරගමුව, ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් අද සවස නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයෙන් එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

“බංකොළොත් දේශපාලනයට සිංහල බෞද්ධ යැයි බලයක් ලබා නොදිය යුතුයි” – තලතා කියයි

colombotoday

පකිස්ථාන විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

colombotoday

ගිනිගත් නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවෙකු ලෙස නම් කරයි

colombotoday

බඩඉරිඟු වගාවට කෘෂිකර්මය අක්කර අසූ දහසක ඉඩම් ඉල්ලයි

colombotoday

ගිලන් වූ සෝභිත හිමි සිංගප්පූරුවට.

colombotoday

කොටි වළ දැමූ රත්‍රං හා ආයුධ සෙවූ 4ක් අත්අඩංගුවට..

Admin