Colombo Today Local News

විදුලිය බිඳවැටීමක් සිදුවෙන්නේ නෑ – රංජන් ජයලාල්ගෙන් සහතිකයක්

ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සංවිධානය විසින් අද (03)දින විරෝධතාවක් සංවිධානය කර තිබේ.

අද දහවල් 12.00ට ලංකා විදුලිබල මණ්ඩලයේ මුලස්ථානය ඉදිරිපිට අදාළ විරෝධතාව සංවිධානය කර ඇති බව විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේය.

මෙම විරෝධතාව හේතුවෙන් අද දිනයේ විදුලිය බිඳවැටීමක් සිදුනොවන බව ඔහු අවධාරණය කරයි.

“ලංගම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විදියට අද දහවල් 12ට ලංකා විදුලිබල මණ්ඩල මුලස්ථානයේ සිට සංවිධානය කරනු ලබන උද්ඝෝෂණ ව්‍යාපාරය ඒ ආකාරයෙන් ම පවත්වන්න සුදානම් කරලා තියෙනවා. ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති වරාය ඉදිරිපිටත්, කෙළොන්නාවේ තෙල් ටැංකි ඉදිරිපිටත් ඒ වගේම සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටත් උද්ඝෝෂණය පැවැත්වෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයෝ විදුලිබල මණ්ඩලයේ මුලස්ථානයට රැස්වෙනවා. ආණ්ඩුවට බලකර කියා සිටිනවා අමෙරිකානු සමාගම සමඟ ගහපු ගිවිසුම රට ට හෙළි කරන්න ඕනේ. ආණ්ඩුවට පැහැදිලිව කියනවා අද වැඩවර්ජනයක් නෑ. අද සියලුම සේවකයෝ උද්ඝෝෂණයට එන්නේ බලාගාරවල සහ බිඳවැටුම් සේවකයෝ අදාළ තැන්වල සිටිය දී.”

Related posts

ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවට හදිසි ආධාර පැකේජයක්

colombotoday

“අපේ යහපාලනය ලෝකෙටම ආදර්ශයක්.. ලංකාව දැන් ඉතිහාසගත තැනක” – අගමැති

colombotoday

20 විරෝධයක් ගැන තමන්වහන්සේව දැනුවත්ව කර නෑ – රාමඤ්ඤ මහා නිකායේ මහනායක හිමි කියති

colombotoday

දේවානම්පියතිස්ස වුණේ තේවානම්පියතීසන්… ඒ කාලයේ සිංහලයන් හිටියෙ නෑ… විග්නේෂ්වරන් ඉතිහාසය අලුතෙන් ලියයි

colombotoday

හුදකලා ප්‍රදේශවල වෙනසක්

colombotoday

ඡන්ද මධ්‍යස්ථානයක කණගාටුදායක සිදුවීමක්

Admin