Colombo Today Local News

විපක්ෂ නායක විහිළු කාරයක් වෙලා : රටේ ජනතාවට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තියෙනවා

විපක්ෂ නායකවරයා කියන චරිතය විහිළු කාරයකු වෙලා, විහිළු සපයන වැඩ කටයුතු කිරීම කාලෝචිත නෑ ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍යපාද වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

ජනාධිපතිවරු දෙදෙනෙක් කතා කළත් එම තනතුරු බාර නොගෙන අද පාරට ඇවිත් ජනතාව පෙළ ගස්සනව. මොකක්ද මේ කරන්න යන විහිළුව.

අද මහ පාරේ සිටින අරගලකරුවන් උද්ඝෝෂණය කරන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ සිටින 225 ම වගකිව යුතු බව විහාරාධිපති හිමියෝ අවධාරණය කළහ.

සංචාරක කර්මාන්තය කඩා වැටිලා, ඊට බාධාවක් වෙනවා, සාමාන්‍ය ජනතාවට බාධාවක් වෙනවා. ඒ නිසා මේ පාලකයන් අරගලකරුවන්ව හඳුන්වන්නේ රාජද්‍රෝහීන් ලෙසයි.

එහෙම නම් ජනතාවගේ හඬට ඇහුම් කන් දී පාර්ලිමේන්තුව තුළම තීන්දු තීරණ ගත යුතුයි. රටේ ජනතාවට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තියෙනවා.

භාෂණයේ අයිතියක් තිබෙනවා.ඒ සියල්ලම ඇත්ත.ඒ හඬ වෙනුවෙන් ලැබෙන පිළිතුර කුමක් ද කියන එක අද ගැටළුවක් වෙලා තියෙනවා. ඒ නිසයි අපි කියන්නේ මෙය පාර්ලිමේන්තුව තුළම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ක්‍රියාත්මක කළ යුතු බව.

Related posts

අලුත්ගම ගැටුමේ වින්දිතයන්ට රජයෙන් වන්දි !

colombotoday

ඥානසාර හිමිගෙන් භික්ෂුන් වහන්සේලාට සංවේදී ලිපියක්

colombotoday

“මේක ආණ්ඩුවක් නෙවෙයි පාණ්ඩුවක්.. UNPකාරයන්ට ඕන විදිහට අපි නටන්න ලෑස්ති නෑ

colombotoday

ඉන්දියාවෙන් සතියකට ටොන් 100 බැගින් ඔක්සිජන් මිලදී ගැනීමට රජය තීරණය කරයි

colombotoday

මුදල් වෙන්කළ සංවර්ධන ව්‍යාප්ති මේ වසරේ නිමකරන්න – අගමැතිගෙන් උපදෙස්

colombotoday

ETCA හරහා අපේ ආර්ථික දේහයම ඉන්දියාව ගිලගන්නවා.. රහසිගත කෙටුම්පතක් දයාන්ගෙන් එළියට

colombotoday