Colombo Today Local News

ඩයනාගේ පෙත්සමට දින දෙයි

තමන් සමගි ජන බලවේගයෙන් නෙරපා හැරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ගොනුකර ඇති පෙත්සම ලබන වසරේ මාර්තු දෙවැනි දින සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

මෙම පෙත්සම ගාමිණී අමරසේකර,ඒ.එච්.එම්.සී නවාස් සහ අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලුණු අවස්තාවේදී.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්, මැතිවරණ කොමිසම ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දීම හේතුවෙන් විනය කමිටුව විසින් තමන්ට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉවත් කළ බවද පෙත්සමේ සඳහන් වේ.

එබැවින් තමන් පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණය බල ශුන්‍ය බව ප්‍රකාශ කරන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ කිර්ති තිලකරත්න මහතා සමග ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා පෙනී සිටියේය.

Related posts

බාල ඖෂධ එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Admin

චීනයට එරෙහි කොළඹ උද්ඝෝෂණයට තහනම් නියෝගයක්

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

ඩීසල් නැවක් දිවයිනට… තවත් නැවක් එයි

colombotoday

ඉදිරි සති 3දී අත්‍යවශ්‍ය ඖෂධ ටිකත් ඉවරයි…. ජලභීතිකා – සර්ප විෂ එන්නත් නැතිව දැනටමත් 20ක් මිය ගිහින්.

colombotoday

නාගදීපයට උතුරෙන් තහංචියක් ! නයිනතිව් ලෙස නම් කරන්නැයි උතුරු පළාත් සභාව ජනපතිට කියයි

colombotoday