මෙම සතියේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබේ.
මිල අඩුවීමක් අපේක්ෂාවෙන් අලෙවි නියෝජිතයන් ඇණවුම් ලබා නොදීම ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නොමැතිව යාමට හේතු වී ඇති බව අමාත්‍යවරයා සදහන් කරයි.
ජාතික ඉන්ධන අවසර පත්‍රය මගින් සහතික කර ඇති අවශ්‍යතා සපුරාලීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ලංකා IOC සමාගමට ප්‍රමාණවත් තොග ඇති බව අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ දැක්වේ.
ඒ අනුව ඉන්ධන ඇණවුම් කරන ලෙස තමන් අලෙවි නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා එහි වැඩිදුරට ත් සඳහන් කර ඇත.