Colombo Today Local News

දෙවිනුවර – සිංහාසන ආපනශාලාවක් ඉදිරිපිට වෙඩිතැබීමක්

දෙවිනුවර – සිංහාසන මාර්ගයේ පිහිටි ආපනශාලාවක් ඉදිරිපිට වෙඩිතැබීමක් සිදුව තිබේ.

ඊයේ (28) රාත්‍රීයේ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව ගන්දර පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇත.

ගන්දර පොලිස් ස්ථානයට ලද දුරකථන ඇමතුමකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති අතර පසුව සිදුකළ පරීක්ෂාවේ දී හෝටලට ඉදිරිපිට ටී 56 වර්ගයේ ගිනිඅවි වලට යොදන ජීව උණ්ඩ 3ක් සහ හිස් උණ්ඩ කොපුවක් එහි තිබී සොයාගෙන ඇත.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගන්දර පොලීසිය පරීක්ෂණ සිදුකරනු ලබයි.

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

අපි නිතරම රට යනවා කියා දොස් කියනවා…

colombotoday

බොරතෙල් නොමැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට නැවත වසා දමයි

colombotoday

ජනපතිගේ තීරණයෙන් ටෙලිකොම් සභාපතිගේ වැටුප මිලියන 2 සිට ලක්ෂ 2.5 ට අඩු වෙයි

colombotoday

ජනපතිට පිට කොන්දක් තිබේනම්, කරන්න ඕන දේ කියයි !

colombotoday

ලලිත් වීරතුංගට, අනූෂ පැල්පිට ඇපමත මුදාහරී !

colombotoday