Colombo Today Local News

2023 දී කළුවර ජූලියක් ගැන අනතුරු අඟවයි

ප්‍රමාණවත් තරම් ගල් අඟුරු ලබන වසරේ අප්‍රේල් මස 15 වන දිනට පෙර නොලැබුණහොත් මෙතෙක් ඉතිහාසයේ සිදුවු දීර්ඝතම විදුලි කප්පාදුවට රට ලක්විය හැකි බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි.

මේ වනවිට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් නැව් 38ක් අප රටට අවශ්‍ය වුවත් රටට ලැබී ඇත්තේ නැව් 4ක් පමණ බවය අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති, නිහාල් වීරරත්න මහතා පවසා සිටි.

මේ දිනවල නොරොච්චෝලේ ජනන කටයුතු සඳහා ගල් අඟුරු ලැබෙමින් පවතින බව ද ඒ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“වාරකන් කාලය 2022 සැප්තැම්බර් අවසන් වුණා. එතැන ඉඳලා 2022 ඉතුරු කාලපරිච්චේද වගේම 2023 අප්‍රේල් දක්වාත් විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 60,000ක නැව් 38ක් එන්න ඕනේ. මේ වෙද්දි අපිට ඇවිත් තියෙන්නේ නැව් 4ක් පමණයි. පස්වෙනි නැව වරායේ යම් කිසි ප්‍රශ්නයක් වෙලා ඒ නැව එන්න ප්‍රමාද වෙනවා. මේ නැව් 38 ලබාගත්තේ නැත්නම් අප්‍රේල් 15 වෙද්දි පැහැදිලිවම ජූලි, අගෝස්තු, සැප්තැම්බර් වෙද්දි ලොකු විදුලි කප්පාදුවකට යන්න පුළුවන්. ඉතිහාසයේ ප්‍රථම විශාලතම විදුලි කප්පාදුව සිද්ධ වෙන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ 2023 දී කළුවර ජූලියක් එන්න පුළුවන්. දැනටමත් නැව් 20ක් ඇණවුම් කරලා එයින් 4යි ඇවිත් තියෙනවා. තව 16ක් තියෙනවා. ඒ නැව් හැකි ඉක්මනින් ළඟා කර ගැනීම අවශ්‍ය වෙනවා.

ලක්විජය විදුලි බලාගාරය රටේ අවශ්‍යතාවය ඇති විදුලි ප්‍රමාණයෙන් 45% ලබා දෙනවා. දැන් ගල්අඟුරු නොලැබුණොත් වෙනත් තාපවිදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගතහොත් ඒකට වැයවන පිරිවැය ඉතා විශාල මුදලක්. ලංකා විදුලිබල මණ්ඩලය විදියට අපි බලාපොරොත්තු වෙන්නේ අඩු මුදලකින් විදුලිය නිපදවා ගැනීමට. එහෙම නැති වුණොත් වෙන්නේ පැහැදිලිවම ලොකු විදුලිය විසන්ධි වීමකට යන්න වෙනවා. ඒ විදුලි කප්පාදුව මොනම විදියකින්වත් හදිසි විදුලිය මිල දී ගැනීමකින් කරන්න බෑ.”

Related posts

“ජනපති අගමැති ලෝකය දිනුවා.. දැන් ජාත්‍යන්තර බලපෑම් නෑ.. රට නිදහස්” – හෙළ උරුමය

colombotoday

රටටම කිරි ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා…

colombotoday

ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් තාවකාලිකව විදුලිය කප්පාදු කිරීමක්

colombotoday

රන් පවුම රු185,000ට නගී

colombotoday

පාඩුයි කියා ලං.වි.ම. ත් චීනයට..! සේවක සංගම් රතු එළි දල්වයි…

colombotoday

බදුල්ලේ රෝහල් හතරක් සංවර්ධනයට ජනපතිගේ උපදෙස්

Admin