Colombo Today Local News

පාසල් සිසුන් ඉලක්ක කරගත් මත්පෙති තොගයක් සමග සැකකරුවෙක් අල්ලයි

පාසල් සිසුන් ඉලක්ක කරගෙන වව්නියාව ප්‍රදේශයේ මත්පෙති අලෙවි කරමින් සිටි සැකකරුවෙක් පෙති 539ක් සමග විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහුගේ මත්පෙති ජාවාරම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් අනතුරු වව්නියාව පුවරසන්කුලම් පොලිස් වසමේ 04 කණුවල මන්නාරම් පාරල වව්නියාව ලිපිනයේ ඊයේ (27) පස්වරුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම සිදුකර ඇත.

සැකකරු වව්නියාව පූවරසම්කුලම් ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු පුවරසන්කුලම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Related posts

දේවිකා කොඩිතුවක්කුත් සමගි ජන බලවේගයට

Admin

“ජනාධිපති මන්දිර විශ්වවිද්‍යාල බවට පත් කරනවා” – සජිත්

colombotoday

පොසොන් සතිය හෙටින් ඇරඹෙයි

Admin

කුකුළු මස් මිල තීරණයටත් කමිටුවක් පත් කරයි

colombotoday

‘කැනඩා කොටි හඩ‘ සන්නිවේදන ජාලයේ හවුල්කරුවෙක් ICTA මුල් පුටුවට !

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 185ක් රට තුළ නෑ – සේලයින් තියෙන්නේ මාසයකට පමණයි

Admin