ගෑස් සිලින්ඩර පුපුරා යෑමේ සිද්ධීන් කිහිපයක් පිළිබඳව තොරතුරු වාර්තා වීමෙන් පසු ගෑස් සමාගම් දෙකේ ගෑස් සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යවා ඇතැයි පාරිභෝගික සේවා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
මෙම පරීක්ෂණයේ වාර්තා අද පස්වරුවේ ලැබීමට නියමිතව ඇතැයි පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.
ඒ වාර්තාවෙන් අනාවරණය කෙරෙන තොරතුරු පාර්ලිමේන්තුවට ලබන සදුදා ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කරයි.