Colombo Today Local News

සියලුම පළාත් පාලන ආයතන සඳහා ඉදිකිරීම් සම්බන්ධව එකම බලපත්‍ර ආකෘතියක්

සියලුම පළාත් පාලන ආයතන සඳහා ඉදිකිරීම් සම්බන්ධව එකම බලපත්‍ර ආකෘතියක් හඳුන්වාදීම වෙත අවධානය යොමුව තිබේ.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (24) නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීිය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමුව තිබේ.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පළාත් පාලන ආයතන කිහිපයකට ගියවිට එම එක් එක් පළාත් පාලන ආයතන වල ඉදිකිරීම් සම්බන්ධයෙන් ලබා දෙන බලපත්‍රය විවිධාකාර ස්වරූපයක් ගැනීම හේතුවෙන් සේවය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් අපහසුතාවට පත්වන බැවින් ලංකාවට සම්මත එකම ආකෘතියක් මේ සඳහා හඳුන්වා දීමේ අවශ්‍යතාවය මතුකර ඇත.

මේ අනුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඉක්මනින් සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැමිණ සිටි අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබීය.

එසේම සැලසුම් කටයුතු අනුමත කර ගැනීමේදී නිලධාරීන් සිදුකරන අක්‍රමිකතා සහ මුදල් වංචා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණ අතර ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

මේ අතර එවැනි පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ස්ථානයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

එසේම ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීමේදී එකම ගොඩනැගිල්ල සඳහා ආයතන කිහිපයකින් අනුමැතිය ලබා ගැනීමේදී ජනතාව මුහුණ දෙන අපහසුතා පිළිබඳවද මෙහිදී අවධානයට ලක්ව ඇත.

මේ සම්බන්ධයෙන් සොයාබලා ඉක්මනින්ම වැඩපිළිවෙළක් සකස් කිරීමට රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Related posts

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

අලුත් රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිලා මෙන්න

colombotoday

නාමල්ගේ GM සුජානි බෝගොල්ලාගමට ඇප.. රට ගමන් තහනම් !

colombotoday

“පෝලිම්වල හැඟීම්බරව ආවේග වී සිටින ජනතාවට ඡන්ද මානසිකත්වයක් නෑ” – මැ.කො.ස.

colombotoday

නෑමට ගිය සාමනේර හිමිනමක් අතුරුදන්

colombotoday

“කැකුළු තුරු උදානය” ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ.

colombotoday