කල්බදු ගෙවීම පැහැර හරිමින් සඟවා තැබූ බව කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්රි සජින් වාස් ගුණවර්ධනට අයත් ජීප් රථයක් කල්බදු සමාගමක සීසර්වරුන් විසින් රැගෙන ගොස් ඇත.
රියැදුරකු අදාළ ජීප් රථය පදවාගෙන යන බවට ලද තොරතුරකට අනුව දෙහිවලදී මෙම ජීප් රථය නවතා සීසර්වරුන් භාරයට ගෙන ඇතැයි වාර්තාවේ.
පසුගිය වසරේ අගෝස්තු මාසයේ පටන් රුපියල් ලක්ෂ විස්සකට වැඩි මුදලක් ගෙවීම පැහැර හරිමින් ජීප් රථය සඟවමින් තිබියදී සීසර්වරුන්ගේ ග්රහණයට නතු වී ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.