Colombo Today Local News

කල්‍යාණි රන් පිවිසුම අද මහජනතාවට විවෘත වෙයි

කල්‍යාණි රන් පිවිසුම අද(25) පස්වරු 3 සිට මහජනතාවට විවෘත කෙරෙන බව මහාමාර්ග අමාත්‍යංශය පවසයි.

මෙරට කේබල් මත ඉදිකෙරුණු පළමු පාලම වන මෙය ඊයේ(24) සවස විවෘත කිරීමෙන් අනතුරුව ඒ හරහා ගමන් ගන්නට අද උදෑසන බොහෝ පිරිසක් පැමිණි අතර ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසුණේ නැත.

මෙම නව පාලමෙන් ගමන් කිරීමට බොහෝ දෙනෙකු උත්සාහ කිරීම නිසා පෑළියගොඩ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇති වී තිබුණි.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන තැන සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මෙම නව කැලණි පාළම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් වෙයි.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් මෙම මාර්ගය නිර්මාණය වී තිබීම විශේෂත්වයක්.

Related posts

ෆේස්බුක් ප්‍රධානීන් පිරිසක් බ්‍රහස්පතින්දා ලංකාවට… තහනම ඉවත් කරන දිනය හරීන් කියයි

colombotoday

පුංචි ඡන්දෙට නාම යෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය ජනවාරියේ

Admin

සිනහව නවතා සුනිල්… ජීවිත රඟ මඩලෙන් සමු ගනී

colombotoday

හිටපු ආණ්ඩුකාර මෛත්‍රීගේ පුත්‍රයාට පහරදුන් පෑලියගොඩ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට නියෝග

colombotoday

සපුගස්කන්ද මත්ද්‍රව්‍ය ජාවාරමට ගෑවුණු CCD නිලධාරියා අතුරුදන්

colombotoday

පොලිස් ස්ථානාධිපතිවරු පත් කිරීමේ විධිමත් ක්‍රමවේදයක් නැහැ – පොලිස්පතිගෙන් වාර්තාවක්

colombotoday