Colombo Today Local News

කබ්රාල්ට තවදුරටත් රට ගමන් තහනම්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පැනවු විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කර තිබේ.

අදාළ තහනම දෙසැම්බර් 15 දක්වා දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කර ඇත.

ඒ , කීර්ති ‍තෙන්නකෝන් මහතා ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් සම්බන්ධ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදියි.‍

පසුගිය මස 26 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු මහ බැංකු අධිපතිවරයාට පනවා තිබූ විදෙස් ගමන් තහනම අද (24) දින දක්වා තවදුරටත් දිර්ඝ කිරීමට ‍කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කර තිබේ.

රට මෙවන් ආර්ථික අගාධයකට ඇද දැමීමට හේතු පාදකවුයේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ගත් තීන්දු තීරණ නිසා බැවින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි කීර්ති තෙන්නකෝන් මහතා සිය පැමිණිල්ල මඟින් ඉල්ලා තිබිණ.

Related posts

ඊයේ විරෝධතා වලින් 84ක් තුවාල ලබා රෝහලට

colombotoday

සීගිරියෙන් දිනකට ලක්ෂ 30ක ආදායමක් එත් රැකගන්න කව්රුත් නෑ

colombotoday

ආන්දෝලනාත්මක බදු සහන ගත් PYRAMID WILMAR සඟවා තැබූ සීනි ටොන් 6100ක් රාජසන්තකයි. – ජනපති පත්කළ මේජර් ජෙනරාල් වැඩට බසියි.

colombotoday

ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් පුත්තලමෙන් මතුවේ

colombotoday

ආණ්ඩුවේ ‘පික්පොකට් න්‍යාය’ ගැන හිටපු ජනපති කියන දේ (VIDEO)

colombotoday

හුදකලා ප්‍රදේශ නිරීක්ෂණයට ඩ්‍රෝන යානා

colombotoday