Colombo Today Local News

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධුරයෙන් ඉවත් කර විනය පරීක්ෂණයක්

රජයේ ප්‍රතිපත්තියට පටහැනිව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ධුරයෙන් ඉවත් කර විනය පරීක්ෂණයක් සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධ නාශක 5 ක් භාවිතය සහ විකීණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්, ආචාර්ය ජේ. ඒ. සුමිත් මහතාගේ අත්සනින් යුතුව ඊයේ (22)දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණ.

2014 වසරේ දෙසැම්බර් 22 වැනිදා නිකුත් කළ අදාළ ගැසට් නිවේදනය මගින් භාවිතය, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම තහනම් කර තිබුණේ, ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් යන සක්‍රීය රස ද්‍රව්‍ය අන්තර්ගත පළිබෝධනාශකයි.

Related posts

තොරතුරු පනතත් උඩුකුරුංඤ්ඤංද?

colombotoday

මැයි 18දා උතුරේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කෙරේ…

colombotoday

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4 ක මිල අඩු කරයි

Admin

දෙහිවල හෝටලයක තවත් පිපුරුමක්

colombotoday

ලංගම සේවකයෝ බස් ධාවනය ඇතුළු සියලුම සේවාවලින් ඉවත් වෙති

colombotoday

ශිෂ්‍යත්ව ලකුණු මත සිසුන් ගන්නා පාසල්වලට අතරමැද ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන්නෙ නෑ – අධ්‍යාපන ඇමති

colombotoday