Colombo Today Local News

” පළිබෝධනාශක තහනම ඉවත් කළ ගැසට් නිවේදනය බල රහිත කරනවා “

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක තහනම ඉවත් කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ අනුව ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක තහනම තවදුරටත් ක්‍රියාත්මක බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ අතර අමාත්‍යවරයා අද (23) උදෑසන සඳහන් කළේ, රජයේ ප්‍රතිපත්තියට පටහැනිව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ධුරයෙන් ඉවත් කර විනය පරීක්ෂණයක් ද සිදු කරන බවයි.

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධ නාශක 5 ක් භාවිතය සහ විකීණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්, ආචාර්ය ජේ. ඒ. සුමිත් මහතාගේ අත්සනින් යුතුව ඊයේ (22)දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණ.

2014 වසරේ දෙසැම්බර් 22 වැනිදා නිකුත් කළ අදාළ ගැසට් නිවේදනය මගින් එලෙස භාවිතය, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම තහනම් කර තිබුණේ, ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් යන සක්‍රීය රස ද්‍රව්‍ය අන්තර්ගත පළිබෝධනාශකයි.

Related posts

යතුරුපැදි රේස් ගිය තරුණයෙක් මරු දකී

colombotoday

ඇමති කිරිඇල්ලගේ තීරණයට ඇමති ඩිලාන්ගෙන් දැඩි විරෝධය !

colombotoday

හාල්මැස්සන්, කරවල ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

colombotoday

අලිවැට සංරක්ෂණයට නිලධාරීන් 4,500ක්

Admin

“මම දන්නේ නෑ දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා” ඇට්ටකුනා වෙන රොටියක් ගැන ජනපති කියයි: Video

colombotoday

වීරයකු ලෙස ඥානසාර හිමි නිදහස් කරන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු කළමනාකරු චරිත් සේනානායක ඉල්ලයි

colombotoday