Colombo Today Local News

දුම්රියක ගැටී 16 හැවිරිදි දැරියක් මිය යයි

මහනුවර, අස්ගිරිය දුම්රිය ස්ථානය අසලදී මහනුවර දෙස සිට මාතලේ දෙසට ධාවනය වූ දුම්රියක ගැටී ඊයේ (20) උදෑසන කාලයේ දැරියක මිය ගොස් තිබේ.

මියගිය දැරිය වයස අවුරුදු 16ක් වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මියගිය දැරිය උපකාරක පන්තියකට සහභාගි වී නැවත නිවසට යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

බදියුදීන්ගේ පෙත්සම සලකා බැලීමෙන් සිව්වන විනිසුරුවරයාත් ඉවත්වෙයි

colombotoday

මෙරට 5 වන කොරෝනා මරණයේ තහවුරු කළ තොරතුරු මෙන්න

colombotoday

පාතාලයකු මරන්න මැගසින් හිරගෙදරට ගෙනා සයනයිඩ් කුප්පියක් සහ සිරින්ජරයක් හසුවේ

colombotoday

දිවයින පුරා නාය යෑම් අවදානම් සහිත ස්ථාන 343ක් හදුනා ගනී

colombotoday

යාපනේ වෙසක් උත්සවය සැමරීම නිසා සිවාජිලිංගම් කෝප වෙයි

colombotoday

සල්ලි දෙනවා නම් මැතිවරණයකට සූදානම් – මැතිවරණ කොමිෂම කියයි

colombotoday