Colombo Today Local News

ගෑස් සිලින්ඩර් ගිනි ගැනීම් ගැන විමර්ශනයට පත් කළ ජනපති කමිටුව රැස්වෙයි

ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනයට හා විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී රැස්වී තිබේ.

කමිටු වාර්තාව සති දෙකක් තුළ ජනාධිපතිවරයාට භාර දීමට නියමිත බව එම කමිටුවේ සාමාජිකයෙකු සඳහන් කරයි.

ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ, සභාපතිවරයා වන්නේ, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතායි.

  • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්,
  • මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස්
  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටබ්ලිව්.ඩී.ඩබ්ලිව් ජයතිලක
  • මහාචාර්ය ප්‍රදීප් ජයවීර
  • ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු
  • කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි
  • ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම

යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.

Related posts

සජිත්ගේ අලි මන්තරේඅත්හදා බැලූ තරුණයින්ට වෙච්ච දේ

colombotoday

ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් මියගිය රෝගියාගේ ජෛව සාම්පල ඉන්දියාවට..

Admin

සිරගත කරගෙන සිටින සියළුම බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කරන්න – අස්ගිරි පාර්ශවය රජයෙන් ඉල්ලයි

colombotoday

ගෙදර වතුර මුට්ටියට වැටී සිගිත්තෙක් මෙලොව හැර යයි

colombotoday

පෝට් සිටී සමග ඉදිරියට යන්න චීන ආයෝජකයිනි ලංකාවට එන්න – අගමැතිගෙන් චීන ආයෝජකයන්ට ඇරයුම්

colombotoday

දිනකදී සිදු කල වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ – PCR 7000ත් ඉක්මවයි

colombotoday