පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අද (02)දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සිරිසුමන හිමියන්ව ඉදිරිපත් කර තිබූ අතර එහිදී ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන්ව ඊයේ (01)දින අත්අඩංගුවට ගනු ලැබිණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව එහිදී පැවසුවේ, තිළිණි ප්‍රියමාලි සිදුකළේ යැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී හෙළිවූ කරුණුවලට අනුව බොරැල්ලේ සිරිසුමන හිමියන් අත්අඩංගුවට ගත් බවය.