Colombo Today Local News

පුරවැසිභාවය නැති ඩයනාට එරෙහි පෙත්සම සලකා බැලීමට දින දෙයි

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලීම ලබන 28 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (18) නියෝග කර තිබේ.

ඒ, එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේදී ය.

එහිදී පෙත්සම ඉදිරිපත් කළ සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අනේවාසික තැනැත්තියක වන අතර, ශ්‍රී ලංකා පුරවැසිභාවය නොමැති ඇය මෙරට වගකිවයුතු ධූරයක් දැරීම නීතියට පටහැනි බව ය.

Related posts

හයිලෙවල් මාර්ගයේ සිදුවූ අනතුරකින් තරුණයෙක් හා තරුණියක් මරුට

colombotoday

තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසරේ මුල

colombotoday

විදුර කලකිරෙයි… ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday

කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු මත්ද්‍රව්‍ය සමග දැලේ

colombotoday

පාකිස්තාන අගමැති රැගත් යානයට ඉන්දීය ගුවනින් පියාසර කිරීමට අවසර

colombotoday

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට විරුද්ධව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළ​හොත් අපේක්ෂක ලේඛනයම අහෝසියි

colombotoday