Colombo Today Local News

ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති ගැන ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක්

ලෝක බැංකු නියෝජිතයන් සමග ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී පවත්වා තිබේ.

ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරීස් හඩඩ් ස්වෝස් (Faris Hadad-Zervos) මහතා ඇතුළු නියෝජිත පිරිස සමඟ පැවති මෙම සාකච්ඡාවේ දී මෙරට ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ දීර්ඝ ලෙස විමසා බැලීමක් සිදුව ඇත.

රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය හා ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම, බදු පරිපාලන ප්‍රතිපත්තිය වැඩි දියුණු කිරීම, ස්වෛරී මූල්‍ය අංශයේ සම්බන්ධය සහ පද්ධතිමය අවදානම් අඩු කිරීම, බලශක්ති අංශයේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීම හා කාබන් විමෝචනය අඩු කිරීම, ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව අවම කිරීම සහ ආර්ථිකයේ තරගකාරීත්වය වැඩි කිරීම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, පුද්ගලික ප්‍රාග්ධනය ක්‍රියාත්මක කිරීම සහ එමඟින් බ්‍රෝඩ්බෑන්ඩ් වෙළෙඳපොළේ තරගකාරිත්වයක් ඇති කිරීම, සමාජ ආරක්ෂණ ආයතන ශක්තිමත් කිරීම හා බෙදාහැරීමේ පද්ධති ඉලක්කගත කිරීම යනාදී ක්ෂේත්‍ර අටක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර ඊට අදාළ යෝජනා ද ඉදිරිපත් කර තිබේ.

Related posts

පොහොට්ටුව අලියගෙ පස්ස පැත්තේ ගහලා… රනිල් පාඩම් ඉගෙන ගන්නෙ මේ පාර තමයි..

colombotoday

සජිත් මට පියෙක් වගේ සැලකුවා – චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි

Admin

පසුගිය මාස 15 දී සෑම පුද්ගලයෙකුම එක් ලක්ෂ පනස් එක් දහසකින් ණය කාරයින් කරලා

colombotoday

පාඨලී හෙළ උරුමයෙන් ඉවත්වෙයි

colombotoday

රියදුරු බලපත් වලංගු කාලය මාස 6 කින් දීර්ඝ කරයි

colombotoday

මීළඟ පැනිල්ල ඇමති දුමින්දගෙන් ?

colombotoday