ශ්‍රී ලංකාවේ දිවි ගෙවන අලි ඇතුන් පිළිබඳව ලබන වසරේදී සංගණනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
වනජීවි හා වන සම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා පළමු රැස්වීමට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.
මෙරට අලි ඇතුන් පිළිබඳ අවසන් සංගණනය සිදුකර ඇත්තේ, 2011 වසරේදීයි.
අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර ඇත්තේ, අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන බවයි.