බණ්ඩාරවෙල, හම්පරාව ප්‍රදේශයේ නාය යාමකින් පුද්ගලයෙකු මියගොස් කාන්තාවක් තුවාල ලබා තිබේ.
නායයාමත් සමග ඊයේ (31) රාත්‍රීයේ නිවස මතට කොන්ක්‍රීට් බැම්මක් හා පස් කණ්ඩියක් කඩා වැටී ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය වන අවස්ථාවේ නිවසේ හිමිකරු, බිරිඳ, පුතා සහ ඥාති කාන්තාවක් එහි සිට තිබේ.
අනතුරින් තුවාල ලැබූ නිවසේ හිමිකරු හා ඥාති කාන්තාව තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු 73 හැවිරිදි හිමිකරු මියගොස් ඇති බවයි.