වැඩ කරන්න බැරි ඇමතිවරුන් මෙන්ම ආයතන ප්‍රධානීන් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආර්ථිකය ගොඩනැගීම සඳහා වැඩ කිරීමට ඉලක්කයක් දෙන ලෙස ඉල්ලා සිටින බව කී ශාන්ත බණ්ඩාර මහතා ඉලක්කය සපුරන්නට බැරි ඇමතිවරුන් මෙන්ම ආයතන ප්‍රධානීන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.
මේ සෙල්ලම් කරන්න පුළුවන් අවස්ථාවක් නොවේ යැයි කී ශාන්ත බණ්ඩාර මහතා සම්පත් කළමනාකරණය සඳහා ජනපති-අගමැති නායකත්වය ගන්නා ලෙස ඉල්ලා සිටිය.