World

නාසා අධි බලැති රොකට්ටුවක් සඳ බලා යයි

ප්‍රමාදවීම් රැසකින් පසු, ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ආර්ටිමිස් 1’ චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින්, අධි බලැති ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ නමැති රොකට්ටුව ගුවන්ගත කළේය.

‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට් පද්ධතියේ අරමුණ ඊට සම්බන්ධ කළ ‘ඔරියන්’ නමැති චන්ද්‍ර යානය එසේත් නැතිනම් ගගන කැප්සියුලය පෘථිවි කක්ෂයට රැගෙන ගොස් මුදා හැරීමය.

‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට් පද්ධතිය යොදා ගැනීම සිදුවූයේ ‘ඔරියන්’ චන්ද්‍ර යානය ගුරුත්ව බලයෙන් මිදී පෘථිවි කක්ෂයට තල්ලු කිරීමටය.

උඩු ගුවන බලා යද්දී, රොකට්ටුවේ කොටස් එකිනෙක පහළ සාගරයට කඩා වැටුණි. ඇමෙරිකන් නාවික හමුදාව ඒවා යළි එක් රැස් කර ගැනීමට සීරුවෙන් සිටියේය. ඒ නැවත භාවිතයට යොදා ගැනීම සඳහාය.

‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට්ටු පද්ධතියට ඇතුළත් ප්‍රධාන රොකට්ටුව මීටර් 98 ක් උසය. ‘ඔරායන්’ චන්ද්‍ර යානය සවි කර තිබුණේ රොකට්ටුව මුදුණේය.

පෘථිවි කක්ෂයේ දී රොකට්ටුවෙන් වෙන් වන ‘ඔරියන්’ චන්ද්‍ර යානය සඳ බලා යන ගමන ආරම්භ කරනු ඇත.

‘ඔරියන්’ චන්ද්‍ර යානය සම්බන්ධ මෙම චන්දු මෙහෙයුම අත්හදා බැලීමේ මෙහෙයුමක් වන අතර, සැබෑ ගගනගාමීන් එහි නැත. යානය තුළ සංවේදක සවි කර තිබේ. ‘ඔරියන්’ චන්ද්‍ර’ යානය සඳට ළං වී සඳ වටා කැරැකී සඳුගේ අඳුරු පැත්ත ද පසු කර යළි පෘථිවියට පැමිණෙනු ඇත.

‘ඔරියන්’ චන්ද්‍ර’ යානය යළි පෘථිවියට පැමිණෙනු ඇත්තේ සති 6 ක කාලයකින් පසුවය. ආපසු පෘථිවියට පැමිණෙන චන්ද්‍ර යානය පැරෂූට් ආධාරයෙන් සාගරයට පතිත කෙරෙනු ඇත.

‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට් පද්ධතිය, ‘ඔරියන්’ චන්ද්‍ර යානය රැගෙන පෘථිවි කක්ෂයට පිටත් වී ගියේ, කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. රොකට්ටුව ගුවන්ගත වන ආකාරය දැක ගැනීමට 15,000 කට වැඩි පිරිසක් රැස්ව සිටියහ.

නාසා ආයතනය මෙම ‘ආර්ටිමිස්’ මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ යළි සඳට මිනිසුන් යැවීමටය. ‘ආර්ටිමිස්’ මෙහෙයුම් යටතේ පළමුවෙන් සඳට කාන්තාවක් යැවීමට ද නාසා ආයතනය අපේක්ෂා කරයි.

‘ආර්ටිමිස් 1’ මෙහෙයුම සාර්ථක වුවහොත් ‘ආර්ටිමිස් 2’ මෙහෙයුම යටතේ ගගනගාමීන් තිදෙනකු සඳට ගොස් සඳ වටා කැරැකී ආපසු පෘථිවියට ගෙන්වා ගැනීමට නියමිතය.

ගගනගාමීන් සඳට පය තැබීම සිදුවන්නේ ‘ආර්ටිමිස් 3’ මෙහෙයුම යටතේය. එය සිදුවනු ඇත්තේ 2024 වසරේදී යැයි නාසා ආයතනය පැහැදිලි කරයි. ‘ආර්ටිමිස් 3’ මෙහෙයුම ඓතිහාසික වනු ඇත. ඊට හේතුව පළමු කාන්තා ගගනගාමියා සඳට පය තබනු ඇත්තේ ‘ආර්ටිමිස් 3’ මෙහෙයුම යටතේය.

(ඒ.එෆ්.පී.)

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේදී බාරවෙයි

Admin

කාන්තාවන් හිංසනයට ගොදුරුවන ලොව අංක එකේ නගරය….

colombotoday

ගෝලීය ආසාදිතයින් සියයට 17කින් පහළට

colombotoday

ඩුබායි රාජ්‍යයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

Admin

ඔස්ට්‍රියාවේ, වියානා අගනුවරට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්. | දෙදෙනක් මරුට. 15ක් තුවාල ලබති.

colombotoday

එමිරේට්ස් ගුවන් සමාගම සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

colombotoday