Colombo Today Local News

අතුරුගිරියේ ලඩියා ඉන්දියාවේදී අත්අඩංගුවට

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන චානුක තනානායක හෙවත් “අතුරුගිරියේ ලඩියා” ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ බැංගලෝර් හිදි එරට කොයිම්බතූර් පොලීසියේ “කියු බ්‍රාන්ච්” අංශය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මොහු අපරාධ කල්ලි සාමාජික අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වන අතර ඔහුගෙන් පසු මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගිය ප්‍රබල සාමාජිකයෙකු ලෙසද සැලකේ.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඒ සමගම තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

පසුව ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

මාධ්‍යවේදීන්ට පුහුණුවක් දෙනවා

Admin

මහින්දානන්දගේ නමට ලන්ඩනයේ නිවසක්..! ලිපි ලේඛන අරන් රංජන් FCID යයි

colombotoday

අංගොඩ ලොක්කාගේ උකුස්සා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාර දෙන ලෙස නියෝග කරයි

colombotoday

13 හැවිරිදි දැරියට පියා සහ 32 හැවිරිදි පෙම්වතා කළ අපරාධයේ තවත් තොරතුරු හෙළිවෙයි

colombotoday

රාජ්‍ය ඇමති පොල් ගසකට නැග මාධ්‍ය අමතයි

colombotoday

විද්‍යා ඝාතන නඩුවේ තීන්දුව අද.. අධිකරණය අවට ආරක්ෂාව දැඩි කරයි !

colombotoday